පේරාදෙණිය සරසවියෙන් අනාවරණයක්
සුජිත් හේවාජුලිගේ
ශ්‍රී ලංකාවේ මධ්‍යම පාන්තික පවුල් විසි ලක්ෂයෙන් දස ලක්ෂයකට ආසන්න පවුල් සංඛ්‍යාවක් කොවිඩ් උවදුර සහ ආර්ථික උද්ධමනය හේතුවෙන් අන්ත දුගී (දරිද්‍රතා) මට්ටමට ඇද වැටී ඇතැයි පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ ආර්ථික විද්‍යා සහ සංඛ්‍යාන අධ්‍යයන අංශයේ මහාචාර්ය වසන්ත අතුකෝරල මහතා ඉරිදා ලංකාදීපයට පැවැසීය.
මේ පවුල් මෙම තත්ත්වයට ඇද වැටී ඇත්තේ ආර්ථික උද්ධමනය හේතුවෙන් ඔවුන්ගේ මිලදී ගැනීමේ ශක්තිය (ක්‍රය ශක්තිය) සියයට 150කින් පමණ පහළ යෑම නිසා බවද හෙතෙම සඳහන් කළේය.
රාජ්‍ය සේවකයන් වැඩි පිරිසක් අයත් වන්නේ ජන සමාජයේ මධ්‍යම පාන්තික කොට්ඨාසයට බව පැවසූ මහාචාර්යවරයා එදිනෙදා වැටුප් ලබන ලක්ෂ සංඛ්‍යාත පිරිසකට උද්ධමනය දැඩි පීඩාකාරී ලෙස බලපා ඇතැයිද ප්‍රකාශ කළේය.
මේ අතර ත්‍රිරෝද රථ ලක්ෂ දහයකට වැඩි සංඛ්‍යාවක් රටේ පවතින බවත් ඉන්ධන අර්බුදය ඇතුළු විවිධ ගැටලු හේතුවෙන් ඉන් කුලී ගමන් සඳහා මේ දිනවල යොදවා සිටින්නේ ත්‍රිරෝද රථ ලක්ෂ දෙකක් පමණක් බවත් වසන්ත අතුකෝරල මහතා අනාවරණය කළේය.
එසේම තරුණ විරැකියාවද රටකට දරාගත නොහැකි ආකාරයට වැඩි වී ඇතැයි ඔහු වැඩිදුරටත් පැවසුවේය.