ශ්‍රී ලංකාව විදේශයෙන් ගෙන ඇති ණය පිළිබඳ ගැටලුව විසඳීමට තම රට කළ යුතු දේ කිරීමට සූදානම් බව ජපානය පවසයි.
එම ගැටලුව විසඳීමට අනෙක් ණය හිමි රටවල් වන චීනය සහ ඉන්දියාව ද මැදිහත් විය යුතු බව ජපාන මුදල් අමාත්‍යවරයා පැවැසීය.
ජපාන මුදල් අමාත්‍ය ෂුනිචි සුසුකි මහතා ඒ බව පැවැසුවේ පිලිපීනයේ මැනිලා නුවර පැවැත්වෙන ආසියානු සංවර්ධන බැංකු සැසිවාරයේදීය.