අර්ථසාධකේ කොටස් වශයෙන් ගෙවන බවට කතාබහක්


ඒක වැරැදි මතයක් කම්කරු කොමසාරිස්

දයාසීලි ලියනගේ   

පෞද්ගලික අංශයේ සේවකයන් විශ්‍රාම යාමේ දී ඔවුන්ට හිමිවන සේවක අර්ථසාධක අරමුදලේ තැන්පතු මුළු ප්‍රමාණයම එකවර නොගෙවන තත්ත්වයක් පවතින බව පෞද්ගලික අංශයේ කතාබහට ලක්ව පවතී.

සම්පූර්ණ මුදල එකවර ගෙවනවා වෙනුවට අවස්ථා දෙකක දී හෝ තුනක දී එම මුදල් ගෙවන බවට පැමිණිලි ලැබී ඇත.   


මේ සම්බන්ධයෙන් කම්කරු කොමසාරිස් (සේවක අර්ථසාධක අරමුදල) ඩී. පී. කේ. ආර්. වීරකෝන් මහතාගෙන් කළ විමසීමේ දී ඒ මහතා ප්‍රකාශ කළේ සේවක අර්ථසාධක අරමුදල එකවර ගෙවනවා විනා කොටස් වශයෙන් ගෙවීමක් සිදු නොකරන බවයි.   


සේවක අර්ථසාධක අරමුදල එකවර ගෙවීම නීත්‍යනුකූල තත්ත්වය බව ද ඔහු කීය. කිසියම් ආයතනයකින් සේවකයකුට හිඟ මුදලක් ලබාදී තිබුණොත් පමණක් එම හිඟ මුදල නැවත ගෙවනු ලබන බව ද ඔහු කීය.