(දයාසීලි ලියනගේ)
සේවක අර්ථසාධක අරමුදලේ පොලිය ගිය වසර වනවිට 9% දක්වා අඩු කර ඇත.
වර්ෂ 2010 දී මෙම අරමුදලේ තැන්පතු සඳහා පොලිය 12.5% ක් විය. එය 2011 දී හා 2012 දී 11.50% ක් ද, 2013 දී 11% ක් ද, 2014, 2015, 2016 හා 2017 වර්ෂවල 10.50% ක් හා 2018 දී 9.50ක් ද, 2019 වර්ෂයේ දී 9.25% ක් ද දක්වා අඩු වී ඇත.
රටේ පවතින තත්ත්වය හමුවේ 2021 වර්ෂයේ දැනට අයකරන 9% ක පොලී ප්‍රතිශතය තවත් අඩු වනු ඇතැයි සේවක අර්ථසාධක අරමුදලේ ප්‍රකාශකයෙක් කීය.