අලුතෙන් ගත් තිස් අටදාහෙන් බහුතරයකට නිකං පඩි


බඳවා ගත්තේ ඡන්ද පොරොන්දුවට 

 

කෝටි 200 ක් වැටුප් ගෙවලා  

 

(දයාසීලි ලියනගේ)  

අඩු සුදුසුකම් මත රජයේ සේවයට බඳවා ගන්නා ලද 38.000 ගෙන් බහුතරයක් මාස අටක කාලයක් තිස්සේ කිසිදු රාජකාරියක ස්ථාපිත නොකර මසකට රුපියල් දාහතර දහස බැගින් වැටුප් ගෙවන බව වාර්තා වේ.  
මෙතෙක් මේ අයට වැටුප් ගෙවීම සඳහා රජය රුපියල් කෝටි 200 කට ආසන්න මුදලක් වැය කර ඇති බව සඳහන් වේ.  

ඉහළ අධ්‍යාපන සුදුසුකම් නොලැබූ ලක්ෂයක පිරිසකට රජයේ රැකියා ලබා දීමට රජය තීරණය කර තිබූ අතර එයින් තිස් අටදහසකට පත්වීම් ලබා දී තිබුණි.  


කොරෝනා අර්බුදය හේතුවෙන් මොවුන් රාජ්‍ය ආයතනවලට ස්ථාපිත කිරීමට නොහැකි වූ අතර, වැටුප් ගෙවීම සිදු කරනු ලබන බව රාජ්‍ය පරිපාලන අමාත්‍යංශ ප්‍රකාශකයෙක් කීය.