ආණ්ඩු පක්ෂ මැති ඇමැතින්ගේ විශේෂ රැස්වීමක් හෙට


අජන්ත කුමාර අගලකඩ

ආණ්ඩු පක්ෂයේ සියලු මැති ඇමතිවරුන් ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා විසින් හෙට (20) සවස 5ට කොටුව ජනාධිපති මන්දිරයට කැඳවනු ලැබ ඇත.

ඉන්ධන අර්බුදයත් සමග මතුව ඇති තත්ත්වය සහ ආණ්ඩුවේ කටයුතු සම්බන්ධයෙන් සාකච්ඡා කිරීම සඳහා මෙම විශේෂ හමුව කැඳවා ඇතැයි රජයේ ජ්‍යෙෂ්ඨ ප්‍රකාශකයෙක් සඳහන් කළේය.   


මේ අතර, යෝජිත විසිඑක්වැනි ව්‍යවස්ථා සංශෝධන කෙටුම්පත සම්බන්ධයෙන් ආණ්ඩුවේ ස්ථාවරය කුමක්ද යන්න ප්‍රකාශ කරන ලෙස ජනාධිපතිවරයාගෙන් ඉල්ලා සිටීමට ආණ්ඩුවේ පිරිසක් සූදානමින් සිටින බවද දැනගන්නට ඇත.