ආණ්ඩුවට එන්න හිටි ස.ජ.බ. ලොක්කෙක් පස්ස ගහයි


ඉල්ලූ ඇමැතිකම නැතිලු...

සුජිත් හේවාජුලිගේ

ආණ්ඩුවට සම්බන්ධ වෙතැයි පසුගිය කාලයේදී ලොකු කතාබහකට ලක්වූ සමගි ජන බලවේගයේ නම ගිය පුද්ගලයකු එලෙස සම්බන්ධවීමට දැන් දැන් අදිමදි කරමින් සිටින බව වාර්තා වේ. 

එසේවී ඇත්තේ ඉහළ අමාත්‍ය ධුරයක් ඉල්ලා එය නොලැබීම නිසා බව දේශපාලන ආරංචිමාර්ගවලින් දැනගන්නට ඇත.   


ඔහුට ආණ්ඩුවෙන් ලබාදීමට තීරණය කර ඇත්තේ ප්‍රතිපත්ති සැලසුම් අමාත්‍ය ධුරයයි. එහෙත් ඔහු ඊට එකඟවී නැතැයිද එම ආරංචිමාර්ග සඳහන් කරයි.   


මේ අතර ආණ්ඩුවේ අමාත්‍ය මණ්ඩලයේ සෙසු අමාත්‍යවරුන් පත්කිරීම ලබන සතියේ අතුරු අයවැය ඉදිරිපත් කිරීමෙන් පසු කෙරෙනු ඇතැයි රජයේ ආරංචිමාර්ග සඳහන් කළේය.   


එය මෙසේ ප්‍රමාද කර ඇත්තේ අයවැය විවාදයන්හිදී එම කාරණය යම් විවේචනයකට ලක්වීමේ ඉඩකඩ වැළැක්වීම සඳහා බව දැනගන්නට ඇත. මේ අතර අමත්‍යවරුන් පත් කිරීමේදී රාජ්‍ය අමාත්‍යවරුන් මුලින්ම පත් කිරීමට රජය සැලසුම් කර ඇත.