(අජන්ත කුමාර අගලකඩ)
ආණ්ඩුවේ සංවර්ධන කටයුතුවල වගකීම් තමන්ට ද පවරන්නැයි ආණ්ඩුවේ පසුපෙළ මන්ත්‍රීවරුන් රජයෙන් ඉල්ලීමක් කර ඇතැයි වාර්තා වේ.
ඇතැම් ඇමැතිවරුන් සංවර්ධන ව්‍යාපෘති ආරම්භ කිරීමේ දී අදාළ දිස්ත්‍රික්කවල මන්ත්‍රීවරුන් දැනුවත් කිරීමට පවා පියවර නොගන්නේ යැයි ද එම මන්ත්‍රීවරුන් රජයේ ජ්‍යෙෂ්ඨයන්ට ප්‍රකාශ කර ඇත.
ආණ්ඩුවේ පසුපෙළ මන්ත්‍රීවරුන් කණ්ඩායමක් රජයේ ජ්‍යෙෂ්ඨ ඇමැතිවරුන් කිහිප දෙනෙකු ඉකුත්දා හමුවී තම දුක් ගැනවිලි ඉදිරිපත් කර ඇතැයි ද රජයේ ආරංචි මාර්ග සඳහන් කරයි.
පසුපෙළ මන්ත්‍රීවරුන්ට ඇති ගැටලු ජනාධිපතිවරයාත්" අගමැතිවරයාත් හමුවී ඉදිරිපත් කිරීමට අවස්ථාව සලසා දෙන බවට එම ජ්‍යෙෂ්ඨ ඇමැතිවරුන් ඔවුන්ට පොරොන්දු වී ඇතැයි ද වාර්තා වේ
මේ අතර රජය ගන්නා ඇතැම් තීන්දු සම්බන්ධයෙන් ආණ්ඩුවේ පාර්ශ්වකරුවන් ලෙස තමන් දැනුවත් නොකරන බවට ද පසුපෙළ මන්ත්‍රීවරුන් රජයේ ජ්‍යෙෂ්ඨයන් හමුවේ ප්‍රකාශ කර ඇතැයි දැනගන්නට තිබේ .