උදය ගම්මන්පිල
(දයාසීලි ලියනගේ)
රජයේ බහුතරය නැති කර අන්තර් වාර රජයක් පිහිටුවීමට සැලසුම් කරමින් සිටින බව හිටපු ඇමැති උදය ගම්මන්පිල මහතා කීය.
රජයේ බහුතරය නැති කිරීමට අවශ්‍ය මන්ත්‍රී සංඛ්‍යාවට වඩා වැඩි ප්‍රමාණයක් එක්කර ගැනීමට සැලසුම් කර ඇති අතර වඩා සුුදුසු අවස්ථාවේ දී රජයට විරුද්ධව විශ්වාස භංග යෝජනාව ඉදිරිපත් කිරීමට ද සැලසුම් කර ඇත.
රජයට විරුද්ධව ඉදිරිපත් කරන විශ්වාස භංග යෝජනාව ජයග්‍රහණය කර යළි පාර්ලිමේන්තු මැතිවරණයක් පවත්වන තුරු අන්තර්වාර රජයක් පිහිටුවීමට සැලසුම් කර ඇති බව ද ගම්මන්පිල මහතා ප්‍රකාශ කළේය.
පාර්ලිමේන්තු මැතිවරණයේ දී ජනතාවට කැමති රජයක් පිහිටුවා ගැනීමට අවස්ථාව හිමි වන බව ද ඒ මහතා කීය. රටේ ජනතාව මුහුණ පා සිටින බලවත් අසීරුතාවන් නිසා රජයට එරෙහිව ඡන්දය පාවිච්චි නොකර මන්ත්‍රීවරුන් ගමරට බලා යාමට නොහැකි වන තත්ත්වයක් උදා වනු ඇතැයි ද ඔහු වැඩිදුටත් කීය.