ආණ්ඩුවේ වාහන ගාල් කරන්න පෞද්ගලික අංශයට මාසිකව කෝටි හතර හමාරක් ගෙවලා


දයාසීලි ලියනගේ   

රථ ගාල් කිරීමේ ප්‍රමාණවත් පහසුකම් නොමැති රජයේ ආයතන වෙනුවෙන් පෞද්ගලික අංශයෙන් බද්දට ලබාගත් ගොඩනැගිලි 164ක් සඳහා මාසික බදු කුලිය ලෙස රුපියල් කෝටි හතරහමාරක් බැගින් ගෙවා තිබූ බව ගිය අගෝස්තු මාසයේ විගණකාධිපති නිකුත් කළ වාර්තාවක සඳහන් කර ඇත.   

රාජ්‍ය ආයතන 142කින් ආයතන 92 ක් භාවිතා කරන ගොඩනැගිලි සඳහා ප්‍රමාණවත් රථ ගාල් කිරීමේ පහසුකම් තිබී නැත.  


මෙම ගොඩනැගිලි වලින් 202ක් රජයේ හා පෞද්ගලික අංශයෙන් බද්දට ගත් ඒවා බව සඳහන් කර ඇත. මීට අමතරව ආයතන 142කින් ජනතාවට අවශ්‍ය පහසුකම් නොමැති බවද අනාවරණය වී ඇත.