ආණ්ඩුවේ හවුල්කාර පක්ෂ යුගදනවි ගිවිසුමේ පිටපත් ඉල්ලයි


(දයාසීලි ලියනගේ)   

කෙරවලපිටිය යුගදනවි බලාගාරයේ කොටස්වලින් සියයට 40 ක් ඇමෙරිකානු සමාගමකට පවරමින් අස්සන් කළ ගිවිසුමේ පිටපත් ලබා දෙන්නැයි රජයෙන් ඉල්ලීමක් කිරීමට ආණ්ඩුවේ හවුල්කාර පක්ෂ කීපයක් තීරණය කර ඇත.   

ඒ අනුව හෙට (18) පැවැත්වෙන කැබිනට් රැස්වීමේදී, මෙම ගිවිසුමේ පිටපත් ලබා දෙන්නැයි වාසුදේව නානායක්කාර, විමල් වීරවංශ සහ උදය ගම්මන්පිල යන අමාත්‍යවරුන් විසින් ඉල්ලීමක් කෙරෙනු ඇතැයි දේශපාලන ආරංචි මාර්ග සඳහන් කරයි.   


ආණ්ඩුවේ හවුල්කාර පක්ෂ දහයක නායකයන් පාර්ලිමේන්තු මන්ත්‍රී ටිරාන් අලස් මහතාගේ නිවසේ දී ඉකුත් බදාදා රැස්වී යුගදනවි බලාගාරයේ කොටස් පැවරීම සම්බන්ධයෙන් සාකච්ඡා කර ඇති අතර, එම ගිවිසුමේ පිටපත් ලබාදෙන්නැයි ආණ්ඩුවෙන් ඉල්ලීමක් කිරීමට එහිදී තීරණය කර ඇත.