ආදායම් අහිමිවූවන්ට පන්දාහේ දීමනාව ජුනි 2 සිට


පළමුව සමෘද්ධිලාභීන්ට 

පවතින කොවිඩ් තත්ත්වය හා සංචරණ සීමා හේතුවෙන් ආදායම් අහිමිවූවන්ට ලබන ජුනි මස 2 වැනිදා සිට රුපියල් 5,000 දීමනාව ලබාදීමට තීරණය කර ඇති බව රාජ්‍ය අමාත්‍ය ෂෙහාන් සේමසිංහ මහතා ප්‍රකාශ කළේය. 

මේ අතර රජයෙන් යම් දීමනාවක් ලබන අයෙක් සිටී නම් ඔවුන්ගේ ආදායම රුපියල් 5,000ට අඩුයි නම්, එම දීමනාව රුපියල් 5,000 දක්වා වැඩි කරන බව ද රාජ්‍ය අමාත්‍යවරයා කියා සිටියේය.   


මෙවර රුපියල් 5,000 දීමනාව පවුල් ඒකක ලක්ෂ 60-65ත් අතර පිරිසකට ලබාදීමට සිදුවන බවත්, මෙම දීමනාව පළමුව සමෘද්ධි හිමි පුද්ගලයන්ට ලබාදෙන බවත් රාජ්‍ය ඇමැතිවරයා පැවැසීය.