(දයාසීලි ලියනගේ)
රටපුරා ආපදා තත්ත්වයක් පවතිද්දී ආපදා කළමනාකරණ මධ්‍යස්ථානයේ විධායක මට්ටමේ නිලධාරින් ගණනාවක් පසුගිය සිකුරාදා (1) කළුතර ප්‍රධාන පෙළේ හෝටලයක ආපදා කළමනාකරණ සැළැස්ම ගැන සාකච්ඡාවක් පවත්වා ඇති බව වාර්තාවේ.
මධ්‍යස්ථානයේ හදිසි තොරතුරු අංශයේ කටයුතු සඳහා නිලධාරින් යොදවා සිටියත්, ඉහළ නිලධාරින් ගණනාවක් නොසිටි බව වාර්තාවේ.
ආපදා තත්ත්වය ආරම්භවූ දිනයේ අදාළ ඇමැතිවරයා හා අමාත්‍යංශ ලේකම්වරයා ඇතුළු ඉහළ නිලධාරීන් පිරිසක් අලුයම 2.00 වනතුරු මධ්‍යස්ථානයේ අදාළ උපදෙස් ලබාදෙමින් රැඳී සිටි බව කියති. සිකුරාදා නිවාඩු දිනයක් වුවත් නිවාඩු අවලංගු කර ඇති බව දැනුම්දී ඇතත් මෙම සාකච්ඡාව සඳහා නිලධාරින් පිරිසක් සහභාගිවී ඇති බව වාර්තාවේ.
ආපදා කළමනාකරණ සැලැස්ම පිළිබඳව මීට පෙර කුකුළේගල හමුදා නිවාඩු නිකේතනයේදී සාකච්ඡාවක් පවත්වා තිබූ අතර කළුතර හෝටලයේ පැවැත්වූ මෙම සාකච්ඡාව සඳහා රාත්‍රි දෙකක් හා දවල් දවස වෙන්කර ගෙන තිබූ බවද කියති.