ඇමැති ජී.එල්. ඉන්දියාවේ සංචාරයක


(අජන්ත කුමාර අගලකඩ) 

 බරපතළ අර්බුදයකට මුහුණ දී ඇති මෙරට ආර්ථිකය ගොඩනැගීම සඳහා අවශ්‍ය සහාය ලබා ගැනීමට විදේශ කටයුතු අමාත්‍ය මහාචාර්ය ජී.එල්. පීරිස් මහතා අද (06) පස්වරුවේ ඉන්දියාව බලා පිටත්ව යාමට නියමිතය.

තෙදින නිල සංචාරයක් සඳහා ඉන්දියාවට යන මහාචාර්ය ජී.එල්. පීරිස් මහතා එරට විදේශ අමාත්‍යවරයා ඇතුළු රජයේ නියෝජිතයන් හෙට (07) දිනයේ දී හමුවී මේ සම්බන්ධයෙන් සාකච්ඡා කරනු ඇත. 
පීරිස් මහතා විදේශ කටයුතු අමාත්‍ය ධුරයට පත්වීමෙන් පසුව ඉන්දියාවේ සංචාරය කරන පළමු අවස්ථාව මෙය වේ. 


මුදල් ඇමති බැසිල් රාජපක්ෂ මහතා ද මීට සති කිහිපයකට පෙර ඉන්දියාවට ගොස් එරට රජයේ නියෝජිතයන් හමුවී සාකච්ඡා කළ අතර, ඇමරිකානු ඩොලර් කෝටි 240 ක පමණ ඉන්ධන සහ භාණ්ඩ සහන ණය වශයෙන් ලබා දීමට එරට රජය එකගතාව පළ කර තිබේ.


ඉන් ඩොලර් මිලියන 500ක් ලබා ගැනීම සඳහා වූ ගිවිසුමකට ද පසුගියදා අස්සන් තබනු ලැබීය.