අජන්ත කුමාර අගලකඩ
ආණ්ඩු පක්ෂයේ ප්‍රධාන සංවිධායක සහ නාගරික සංවර්ධන හා ඉදිකිරීම් අමාත්‍ය ප්‍රසන්න රණතුංග මහතා ඉදිරියේ දී දේශපාලන තීන්දුවක් ගැනීමේ සූදානමක් තිබේ ද යන්න සම්බන්ධයෙන් මේ දිනවල දේශපාලන කරළියේ කතාබහට ලක්වී ඇතැයි වාර්තා වේ.
ඊට හේතු වී ඇත්තේ ඇමතිවරයා ඉදිරියේ දී කටයුතු කළ යුතු ආකාරය සම්බන්ධයෙන් මිනුවන්ගොඩ ආසනයේ දේශපාලන ක්‍රියාකාරීන් අතර ඉකුත් දා පැවැත්වූ රහස් ඡන්දයක් බව දැනගන්නට ඇත.
ප්‍රසන්න රණතුංග මහතා පෞද්ගලික සංචාරයක් සඳහා මේ වන විට ප්‍රංශයට ගොස් සිටින අතර, ඔහුගේ අනුදැනුම මත මිනුවන්ගොඩ ප්‍රදේශයේ හෝටලයකදී ඉකුත්දා මෙම ඡන්ද විමසීම පවත්වා ඇතැයිද වාර්තා වේ.
පක්ෂයේ ක්‍රියාකාරීන් අතර ඡන්ද පත්‍රිකාවක් ලබාදී, අභියෝග භාරගත් නායකයා සමඟ ඉදිරියේදී දේශපාලනය කළ යුතු ද, නැති නම් ඉන්න තැනම සිටිමින් දේශපාලනය කළ යුතු ද යන්න සම්බන්ධයෙන් එම මත විමසුම පවත්වා ඇතැයිද වාර්තා වේ.
එම මත විමසුමේ ඡන්ද ප්‍රතිඵලයද ප්‍රසන්න රණතුංග ඇමතිවරයාට යවා ඇති අතර, ප්‍රතිඵලය කුමක් දැයි තවමත් පැහැදිලි වී නැත.
කෙසේවුවද එම මත විමසුමේ ප්‍රතිඵලය අනුව ඇමැතිවරයා ඉදිරියේදී දේශපාලන තීන්දුවක් ගැනීමේ ඉඩකඩක් පවතින බවද වාර්තාවේ.