තීන්දුව පරක්කුයි
(අජන්ත කුමාර අගලකඩ)
ඇස්ට්‍රාසෙනිකා පළමු මාත්‍රාව දී ඇති අයට දෙවැනි මාත්‍රාව ලබාදීම සඳහා ඇස්ට්‍රාසෙනිකා එන්නත් ලක්ෂ දහයක් ආනයනය කිරීමට කැබිනට් අනුමැතිය පවා ලැබී ඇතත්, එම එන්නත් මාත්‍රා ලක්ෂ 10 ගෙන්වන්නේ කුමන රටෙන් ද යන්න මෙතෙක් තීරණයක් ගෙන නැතැයි සෞඛ්‍ය අමාත්‍යාංශ ආරංචි මාර්ග සඳහන් කරයි.
එම එන්නත් මාත්‍රා ලක්ෂ 10 ගෙන්වා ගැනීම සම්බන්ධයෙන් තවමත් පවතින්නේ සාකච්ඡා මට්ටමේ සූදානමක් බව එම ආරංචිමාර්ගවලින් පැවැසේ.
ඇස්ට්‍රාසෙනිකා පළමු මාත්‍රාව ලබාගත් තවත් ලක්ෂ හයකට පමණ එහි දෙවැනි මාත්‍රාව ලබාදීමට නියමිතව ඇත.
එන්නත්කරණ වැඩපිළිවෙළ සඳහා චීනයේ නිෂ්පාදිත සයිනොෆාම් එන්නත් එක්කෝටි හතළිස් ලක්ෂයක් සහ ඇස්ට්‍රාසෙනිකා එන්නත් ලක්ෂ දහයක් ආනයනය කිරීමට පසුගිය සතියේ කැබිනට් අනුමැතිය ලැබුණු අතර ඊට ඇමෙරිකානු ඩොලර් කෝටි 22ක මුදලක් වෙන් කිරීමට ද තීරණය විය.