ඇ​ෙමරිකා එල්එන්ජි ගිවිසුමට එරෙහිව ජවිපෙ උසාවි යයි


(පද්මිණී මාතරගේ)   

කෙරවලපිටිය එල්එන්ජී බලාගාරයෙන් 40%ක කොටස් සහ ගෑස් සැපයුම් අයිතිය ඇ​ෙමරිකානු නිව් පෝට්‍රස් එනර්ජි සමාගමට ලබාදීමට ශ්‍රී ලංකා ආණ්ඩුව විසින් අත්සන් කරන ලද ගිවිසුමට එරෙහිව ජනතා විමුක්ති පෙරමුණ ශ්‍රේෂ්ඨාධිකරණයට මූලික අයිතිවාසිකම් පෙත්සමක් ගොනු කිරීමට නියමිතය.   

උක්ත ගිවිසුම කැබිනට් මණ්ඩලය විසින් අනුමත කර තිබෙනවා යැයි කීම සාවද්‍ය කරුණක් බවත් අදාළ ගනුදෙනුව සඳහා ඇ​ෙමරිකානු සමාගම තෝරාගැනීමේදී නිසි ටෙන්ඩර් පටිපාටියක් අනුමත කර නොමැති බවත් ඒ හේතුවෙන් අදාළ ගිවිසුම නීති විරෝධී බවත් පවසමින් මෙම පෙත්සම ගොනු කිරීමට නියමිතය.   
ඒ හේතුවෙන් මෙම ගිවිසුම මත පදනම්ව වසර පහක් සඳහා ගෑස් සැපයීමේ අධිකාරිය අදාළ සමාගම වෙත ලබාදීම ද නීති විරෝධී වන බව නීතිඥ සුනිල් වටගල මහතා පවසයි.   


මෙම පෙත්සම ඉදිරි සතිය තුළදී ගොනු කිරීමට නියමිත අතර ජ්‍යෙෂ්ඨ නීතිඥ ශාන්ත ජයවර්ධන මහතා සහ ජවිපෙ මධ්‍යමකාරක සභික හිටපු පළාත් සභා මන්ත්‍රී නීතිඥ සුනිල් වටගල මහතා මෙම නඩුව වෙනුවෙන් පෙනී සිටිති.