ඉන්දීය ආයෝජන ව්‍යාපෘති කඩිනම් කරන්න යයි


(අජන්ත කුමාර අගලකඩ)  

ඉන්දීය රජයේ ආයෝජන මත මෙරට ක්‍රියාත්මක ව්‍යාපෘති කඩිනම් කරන්නැයි රජය ඉන්දියාවෙන් ඉල්ලීමක් කර ඇතැයි වාර්තා වේ.  

මේ පිළිබඳ රජයේ ජ්‍යෙෂ්ඨ අමාත්‍යවරුන් සහ ඉන්දීය මහකොමසාරිස් ගෝපාල් බග්ලේ මහතා අතර විශේෂ සාකච්ඡාවක් මුදල් අමාත්‍යාංශයේ දී ඉකුත් දා පැවැත්විණි.   


අධ්‍යාපන ඇමැති මහාචාර්ය ජී.එල්. පීරිස්, මුදල් රාජ්‍ය ඇමැති අජිත් නිවාඩ් කබ්රාල්, අග්‍රාමාත්‍ය ලේකම් ගාමිණී සෙනරත්, මුදල් අමාත්‍යාංශයේ ලේකම් එස්.ආර්. ආටිගල යන මහත්වරු ඊට සහභාගි වූහ.  
ඉන්දීය රජයේ ආයෝජන යටතේ ව්‍යාපෘති ගණනාවක් මෙරට තුළ ක්‍රියාත්මක වන අතර, ඒවා කඩිනම් කිරීම සම්බන්ධයෙන් මෙහිදී දීර්ඝ වශයෙන් සාකච්ඡා වී ඇත.