(දයාසීලි ලියනගේ)
ඉන්දියාවේ සිට සතියකට දින හතරක් පමණ මෙරටට පැමිණෙන ‘‘එයාර් ඉංඩිගෝ’’ ගුවන් යානා කාර්ය මණ්ඩලය මුඛ ආවරණ පැළඳ නොසිටීම හේතුවෙන් ගුවන් තොටුපොළ කාර්ය මණ්ඩලය දැඩි අසීරුතාවකට පත්ව සිටින බව වාර්තාවේ.
මෙවැනි ගැටලු ගණනාවක් නිසා ශ්රී ලංකන් ගුවන් සමාගම මගින් කොවිඩ් කාර්ය සාධක බලකායක් පිහිටුවීමට තීරණය කර ඇත.
පසුගිය දින කිහිපය තුළ ශ්රී ලංකන් ගුවන් සේවයේ 80 ක පමණ පිරිසකට කොවිඩ් වසංගතය වැළඳී තිබූ බව වාර්තා වේ.
කාර්ය මණ්ඩලය මුහුණ දෙන ගැටලුවලට කඩිනම් විසඳුම් ලබාදීම මෙම කොවිඩ් කාර්ය සාධක බළකාය පිහිටුවීමේ අරමුණ බව ඒ සම්බන්ධයෙන් කළ විමසීමේදී ශ්රී ලංකන් ගුවන් සේවයේ ශ්රී ලංකා නිදහස් සේවක සංගමයේ සභාපති ජනක විජයපතිරන මහතා කීය.
ගුවන් තොටුපොළ භූමි මෙහෙයුම් කටයුතු සිදු කරනු ලබන්නේද ශ්රී ලංකන් ගුවන් සේවාව මගිනි.