අජන්ත කුමාර අගලකඩ
ඉන්ධන සැපයුම්කරුවන් හත් දෙනකුට ඇෙමරිකානු ඩොලර් කෝටි 70ක පමණ මුදලක් හිඟ ණය වශයෙන් ගෙවීමට ඇතැයි විදුලිබල හා බලශක්ති අමාත්‍යාංශය වාර්තාවක් මගින් රජයට දැනුම් දී ඇත.
මෙම හිඟ ණය ගෙවීමට නොහැකිවීම නිසා, ඇතැම් සැපයුම්කරුවන් ඉන්ධන සැපයීමේ කොන්ත්‍රාත් අවලංගු කර ඇති බව ද ඇමැති කංචන විජේසේකර මහතා කැබිනට් මණ්ඩලයට දැනුම් දී ඇත.
මේ අතර, මුදල් ගෙවීමට නොහැකිව, ජල තීරයේ දිගු කාලයක් ඉන්ධන නැව් රඳවා තබා ගැනීමට සිදු වීම නිසා, නැව් සමාගම් නැව් දීමට අකමැත්ත පළ කරන බවද ඔහු පෙන්වා දී ඇත
මේ තත්ත්වය හමුවේ, අලුත් සැපයුම්කරුවන්ගෙන් ඉන්ධන ලබා ගැනීමට සිදු වී ඇතැයි ද ඇමැතිවරයා පෙන්වා දී ඇත.