(දයාසීලි ලියනගේ)
ඉන්ධන නොමැති කමින් කටුනායක ජාත්‍යන්තර ගුවන් තොටුපළ ගුවන් ගමන් කටයුතු අඩාළවීමේ අවදානමකට පත්ව ඇත.
ගුවන් යානාවලට මගීන්ගේ බඩු භාණ්ඩ රැගෙන යන හා ගුවන් යානාවලින් භාණ්ඩ ගොඩබෑම සඳහා යොදා ගන්නා රථවලට හා බස් රථවලට ඉන්ධන නොලැබීමෙන් මේ අවදානමට මුහුණ පෑමට සිදුවී ඇති බව ශ්‍රී ලංකා නිදහස් සේවක සංගමයේ සභාපති ජනක විජයපතිරත්න මහතා කීය.
මේ වන විටත් ගුවන් තොටුපොළ කාර්ය මණ්ඩල නිවසේ සිට සේවයට යොදවා ඇති අතර සේවා මුර ක්‍රමයට සේවය කරන අය පමණක් සේවයට කැඳවා ඇත.
භූමි මෙහෙයුම් කටයුතු සඳහා ඉකුත් සිකුරාදා දක්වා පමණක් ඉන්ධන පැවැති අතර සෙනසුරාදා හෝ ඉරිදා වන විට අවශ්‍ය ඉන්ධන ලබා නොදුන්නොත් ගුවන් තොටුපළේ කටයුතු පවත්වාගෙන යාමට නොහැකි වී ඇතැයි ජනක විජයපතිරත්න මහතා ප්‍රකාශ කළේය.