(දයාසීලි ලියනගේ)
ඉන්ධන හිඟය නිසා සෞඛ්‍ය සේවයේ සියලුම දෙනාට සතියකට දින දෙකක් හෝ තුනක් විශේෂ නිවාඩු ලැබෙන පරිදි රාජකාරි පැවරීමට සෞඛ්‍ය අමාත්‍යාංශය පියවර ගෙන ඇත.
සෞඛ්‍ය සේවයේ නියුතු අයට ඉන්ධන ලබා ගැනීමට විශේෂ කාඩ් පතක් නිකුත් කරනු ලැබුවත් එය සාර්ථක නොවූ නිසා අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතාගේ උපදෙස් මත මෙම වැඩපිළිවෙල ක්‍රියාත්මක කරනු ලබන බව රජයේ හෙද නිලධාරීන්ගේ සංගමයේ සභාපති සමන් රන්තප්‍රිය මහතා කීය.
මීට අමතරව සෞඛ්‍ය සේවයේ ගිය මාසයේ වැටුපෙන් කපා හරින ලද අතිකාල හා දීමනා ලබන වැටුපට ලබාදීමට සාකච්ඡා කර පියවර ගන්නා ලෙසට ද අග්‍රාමාත්‍යවරයා උපදෙස් ලබාදුන් බවත් සමන් රත්නප්‍රිය මහතා ප්‍රකාශ කළේය.
කෝවිඩ් තදබල ලෙස පැවැති කාලයේ සෞඛ්‍ය සේවයට විශේෂ නිවාඩු ලැබෙන පරිදි සේවය කළ ආකාරයට මෙවරත් රාජකාරියේ යොදවන ලෙසට දැනුම් දී ඇත.