(දයාසීලි ලියනගේ)
අධ්‍යයන පොදු සහතික පත්‍ර උසස් පෙළ විභාගය හා පහ වසර ශිෂ්‍යත්ව විභාගය මේ වසරේ පැවැත්වීමට නොහැකි වන තත්ත්වයක් උදාවී ඇති බව වාර්තා වේ.
මෙම විභාග දෙකට සිසුන් ලක්ෂ 8 කට අධික පිරිසක් සහභාගි වීමට නියමිතව ඇත.
පසුගිය අගෝස්තු මාසයේ පැවැත්වීමට නියමිතව තිබූ මෙම විභාග දෙක කොරෝනා අර්බුදය නිසා එළඹෙන නොවැම්බර් මාසයේ පැවැත්වීමට අධ්‍යාපන අමාත්‍යාංශය තීරණය කර තිබුණි.
ගුරු විදුහල්පති වර්ජනයට මේ වනවිට දින 69 ක් ගතවීම, විෂයමාලා ආවරණය කර ගැනීමට නොහැකි වීම, විභාග අයැදුම්පත් බාරගැනීම විදුහල්පතිවරුන් ප්‍රතික්ෂේප කිරීම යනාදී හේතු නිසා ලබන නොවැම්බර් මාසයේ දී අදාළ විභාග පැවැත්වීමට නොහැකි තත්ත්වයක් පවතින බව අධ්‍යාපන අමාත්‍යාංශයේ ප්‍රකාශකයෙක් කීය.