එක වසරට ළමයින් දාන්න මව්පියන්ට පත් ඉරුත් සොයන්න වෙලා


(දයාසීලි ලියනගේ)    

ලබන වසර සඳහා පාසල්වල පළමුවැනි ශ්‍රේණියට සිසුන් ඇතුළත් කිරීමේදී පදිංචිය තහවුරු කිරීම සඳහා නිවසේ ඔප්පුව හා හිමිකම් ඔප්පුව තිබියදීත් ඊට අමතරව පත් ඉරු ඉදිරිපත් කළ යුතු බවට කර ඇති නියමය නිසා මව්පියන් දැඩි අසීරුතාවකට පත්වී සිටින බව වාර්තාවේ. 

යළි කොරෝනා වසංගතය පැතිරීමේ අවදානමක් ඇති මෙම කාලයේදී පදිංචිය සහතික කිරීමට අවශ්‍ය ඔප්පුව හා හිමිකම් ඔප්පු තිබියදී පත් ඉරු ලබාගැනීම සඳහා දෙමාපියන්ට ඒ ඒ කාර්යාවල ගත කිරීමට සිදුවී ඇති බව කියති.   


රජයේ පාසල්වල පළමු වසර සඳහා වර්ෂයකට සිසු සිසුවියෝ ලක්ෂ 4කට ආසන්න ප්‍රමාණයක් අයදුම්පත් ඉදිරිපත් කරති.   


 මේ සඳහා වන සම්මුඛ පරීක්ෂණ නොවැම්බර් මාසයේ සිට පැවැත්වේ.