එකම ඖෂධය විවිධ මිලට ජනතාව අසීරුවේ


(දයාසීලි ලියනගේ)  

බෝ නොවන රෝග සඳහා වන එකම ඖෂධය විවිධ මිල ගණන්වලට අලෙවි කිරීම නිසා ජනතාව බලවත් අසීරුවට පත්වී සිටිති.  


දියවැඩියා රෝගය සඳහා භාවිත කරනු ලබන මෙට්ෆොමින් මිලි ග්‍රෑම් 500ක පෙත්තක් රුපියල් 2.50 සිට රුපියල් 4.00 - 6.00 දක්වා මිල ගණන්වලට අලෙවි වන බව සඳහන් වේ.

​ඩොලරයේ මිල, නිෂ්පාදන වියදම ඉහළ යාම, තෙල් මිල හා ඖෂධ ආනයනකරුවන් මුහුණ පාන අසීරුතාවන් හා ගුවන් තොටුපොළ හා වරාය ගාස්තු ඉහළයාම නිසා ඖෂධ මිල ඉහළයාම පසුගිය මාස කීපය තුළ සිදුවූ බව ඖෂධ නියාමන අධිකාරි​යේ ප්‍රකාශකයෙක් කීය.  


මේ සම්බන්ධයෙන් රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ සහකාර ලේකම් වෛද්‍ය නවින්ද සොයිසා මහතාගෙන් කළ විමසීමකදී ඒ මහතා ප්‍රකාශ කළේ මිය යන පිරිසෙන් සියයට 75ක් බෝ නොවන රෝග නිසා මරණයට පත්වන බවයි. ඖෂධ මිල ඉහළ යාමෙන් රෝගීන්ට සිදු​ෙවන අපහසුතාවන් ගැන කිසිවෙක් කතා නොකරන අතර සෞඛ්‍ය අමාත්‍යාංශය ඒ වෙනුවෙන් පෙනී නොසිටින බවද කීය.  


රජයේ හෙද නිලධාරීන්ගේ සංගමයේ සභාපති සමග රත්නප්‍රිය මහතා ප්‍රකාශ කළේ ඖෂධ මිල සියයට 300 කින් වැඩි වී ඇති බවයි.