එක්ස්ප්‍රස් පර්ල් හානියට සිංගප්පූරුවේදී නඩු පවරයි


අංජුල මහික වීරරත්න  

එක්ස්ප්‍රස් පර්ල් නෞකාව ගිනි ගැනීමෙන් මෙරට පරිසර පද්ධතියට වූ හානියට එම නෞකාව හිමි සමාගම තවමත් වන්දි නොගෙවීම සම්බන්ධයෙන් සිංගප්පූරු බේරුම්කරණ අධිකරණය හමුවේ නඩු පැවැරීමට ශ්‍රී ලංකා රජය තීන්දු කර ඇත.  

ගණනය කළ නොහැකි හානියක් මෙයින් සිදුව ඇතත් යම් සීමාවකින් අදාළ වන්දි මුදල තීන්දු කරන ලෙස ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා අධිකරණ ඇමැති විජයදාස රාජපක්ෂ මහතා වෙත ඉකුත්දා උපදෙස් දී තිබේ.  


ජනාධිපති කාර්ය මණ්ඩල ප්‍රධානී සාගල රත්නායක මහතා විසින් ඉකුත් සතියේ නීතිපති සංජය රාජරත්නම් මහතා මුණ ගැසී මේ සම්බන්ධයන් සාකච්ඡා කොට ඇති අතර වන්දි අය කර ගැනීමට අදාළව වාර්තාවක් යොමු කිරීමෙන් පසුව ජනාධිපතිවරයා විසින් ඉහත උපදෙස් අධිකරණ අමාත්‍යවරයා වෙත ලබාදී ඇත.   
ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා විසින් මීට අදාළව අධිකරණ ඇමැති විජයදාස රාජපක්ෂ, කාර්ය මණ්ඩල ප්‍රධානී සාගල රත්නායක හා නීතිපති සමග සාකච්ඡාවක් ඉකුත් සතියේදී පවත්වා ඇති අතර එහිදීද මේ සම්බන්ධයෙන් දීර්ඝ වශයෙන් සාකච්ඡා කොට තිබේ.