(අජන්ත කුමාර අගලකඩ)
ශ්රී ලංකා නිදහස් පක්ෂය ප්රමුඛ එක්සත් ජනතා නිදහස් සන්ධානය සහ පොදුජන එක්සත් පෙරමුණ ද එක් කොට පුළුල් සන්ධානයක් ගොඩ නැගිය යුතු බවට වන යෝජනාවක් ශ්රීලනිප පාර්ශ්වයෙන් ඉදිරිපත්වී ඇතැයි දේශපාලන ආරංචි මාර්ග සඳහන් කරයි.
පොදුජන එක්සත් පෙරමුණ නියෝජනය කරන සියලු පක්ෂ එක්සත් ජනතා නිදහස් සන්ධානය නියෝජනය නොකරන බැවින්, ඔවුන්ද සන්ධානයට එක්කර ගැනීමේ අරමුණෙන් මෙම යෝජනාව ඉදිරිපත් වී ඇතැයි එම ආරංචි මාර්ග සඳහන් කරයි.
විශේෂයෙන්ම පොදුජන එක්සත් පෙරමුණේ හවුල්කාර පක්ෂ වන ශ්රී ලංකාවේ කොමියුනිස්ට් පක්ෂය, ලංකා සම සමාජ පක්ෂය යන දේශපාලන පක්ෂ සන්ධානයේ හවුල්කාර පක්ෂ නොවන බැවින් ඔවුන්ද මෙම සන්ධානයට එක් කරගත යුතුයැයි ශ්රීලනිප පාර්ශවයේ යෝජනාව වී ඇති බව වාර්තා වේ.
මේ අතර, එක්සත් ජනතා නිදහස් සන්ධානය නව ප්රතිපත්ති මාලාවක් ඔස්සේ ඉදිරියට ගෙනයා යුතු ආකාරය සම්බන්ධයෙන් හිටපු ජනාධිපති මෛත්රීපාල සිරිසේන මහතාගේ ප්රධානත්වයෙන් ඉකුත්දා පැවැති සන්ධානයේ විධායක සභා රැස්වීමේදී ද සාකච්ඡා වී ඇත.