(දයාසීලි ලියනගේ)
ලබන මස 6 වැනි දිනට යෙදී ඇති එක්සත් ජාතික පක්ෂයේ හැත්තෑ පස්වැනි සම්මේලනය වෙනුවෙන් ’සූම්’ zoom තාක්ෂණය ඔස්සේ රැස්වීම් 75 ක් පවත්වන ලෙස පක්ෂ නායක රනිල් වික්‍රමසිංහ මහතා උපදෙස් දී ඇත.
මෙම රැස්වීම් සෑම දිස්ත්‍රික්කයක්ම නියෝජනය වන පරිදි පැවැත්වීමට කටයුතු යොදා ඇත.
හිටපු ඇමැතිවරුන්, මන්ත්‍රීවරුන් හා ආසන සංවිධායකයන්, පළාත් පාලන ආයතන මන්ත්‍රීවරුන් මේ සඳහා අවශ්‍ය සංවිධාන කටයුතු සඳහා යොමු කිරීමට පියවර ගෙන ඇත.
එක්සත් ජාතික පක්ෂයෙන් රටට සිදුකළ සේවයන්, අනාගතයට ගත යුතු ක්‍රියාමාර්ග හා අද රටේ පවතින අර්බුදකාරී තත්ත්වය පිළිබඳව පාක්ෂිකයන් දැනුවත් කිරීම මෙම රැස්වීම් මාලාවේ දී සිදු කෙරේ.