අජන්ත කුමාර අගලකඩ
ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ තවත් මැති ඇමැතිවරුන් පිරිසක් පක්ෂයෙන් ගැලවී වෙනම කණ්ඩායමක් ලෙස සංවිධානය වීමේ සූදානමක් පවතින බව දේශපාලන ආරංචි මාර්ග සඳහන් කරයි.
ආණ්ඩුවට එක්ව කැබිනට් සහ රාජ්‍ය අමාත්‍ය ධුර දරන කිහිප දෙනකු එහි මූලිකත්වය ගෙන සිටින බව ද ආරංචිමාර්ගවලින් පැවසේ. දැනට තනතුරු නොමැතිව සිටින පොහොට්ටුවේ මන්ත්‍රීවරුන් පිරිසක්ද ඊට සම්බන්ධ වීමේ සූදානමක සිටින බව වාර්තා වේ.
ඊළඟ මැතිවරණයක දී එක්සත් ජාතික පක්ෂය සමග ඍජුව සම්බන්ධ නොවී වෙනම කණ්ඩායමක් ලෙස එජාපය සමග සන්ධානගත වීමේ අරමුණෙන් මෙම පිරිස වෙනම සංවිධානය වීමේ සූදානමක සිටින බවද දැනගන්නට ඇත.