(දයාසීලි ලියනගේ)
විදේශවල අධ්‍යාපනය හදාරන දරුවන්ට අවශ්‍ය මුදල් ඩොලර්වලින් යැවීමට නොහැකි වීමෙන් මව්පියෝ දැඩි අසීරුතාවකට පත්වී සිටිති.
අධ්‍යාපන කටයුතුවලට යොදා ගැනීමටත් ජීවත්වීමටත් අවශ්‍ය මුදල් යැවීමට නොහැකිවීම පිළිබඳව දෙමාපියන් රාශියක් මැසිවිලි නගන බව සමගි ජන බලවේගය කුරුණෑගල දිස්ත්‍රික් මන්ත්‍රී අශෝක් අබේසිංහ මහතා කීය.
ශ්‍රී ලාංකික දරුවන් ලක්ෂයකට අධික පිරිසක් විදේශයන්හි අධ්‍යාපනය ලබන අතර ඔවුන්ට අවශ්‍ය පාඨමාලා ගාස්තු හා එදිනෙදා වියදම් සඳහා මුදල් බහුතරයක් දෙමාපියන් මෙරටින් යවනු ලබන බවද මන්ත්‍රීවරයා කීය.
බැංකුවලින් ඩොලර් නිකුත් නොකිරීම නිසා මෙම දෙමාපියන් දැඩි අසහනකාරී තත්ත්වයකට පත්ව සිටින බවද ඔහු ප්‍රකාශ කළේය.