එන්නත් හරියට ගැහුවොත් ලබන මාසයේදී මරණ අඩුවෙයි


රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය 

(දයාසීලි ලියනගේ)  

ලබන මස අවසානය වනවිට මරණ අනුපාතය අවම කරගැනීමට හැකිවන අතර, ඒ සඳහා එන්නත් වැඩපිළිවෙළ නියමානුකූලව සිදු කළ යුතු බව රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය, සෞඛ්‍ය ඇමැති කෙහෙළිය රඹුක්වැල්ල මහතාට ලිඛිතව දන්වා ඇත.   

වයස අවුරුදු 60ට වැඩි අයට එන්නත් ලබාගැනීම අනිවාර්ය කර ඔවුන් සියලු දෙනාට එන්නත් ලබාදීමට ක්‍රමානුකූල වැඩපිළිවෙළක් අවශ්‍ය බව ද සංගමයේ සහකාර ලේකම් වෛද්‍ය නවීන් ද සොයිසා මහතා කීය.   
වයස අවුරුදු 60ට වැඩි බොහෝ දෙනා එන්නතට බිය බවක් පෙන්නුම් කරන අතර කුමන සංකූලතා තිබුණත් එන්නත ලබාදීමට ග්‍රාම නිලධාරීන්ගේ සහාය ලබාගන්නා ලෙසට ද එම සංගමය ඉල්ලා ඇත.   


මීට අමතරව වසංගත රෝග විද්‍යා අංශයට අයත් කාර්යයන්ට අදාළව අනුකමිටු හයක් පත්කර එම කමිටු මගින් කොරෝනා වසංගතය මැඬලීමට අවශ්‍ය බලය පවරන ලෙස ඇමැතිවරයාගෙන් ඉල්ලා ඇති බවත් වෛද්‍ය සොයිසා මහතා කීය.