එප්සිලෝන් ප්‍රභේදයත් ආවොත් විනාඩි දෙකකට එක් මරණයක්?


වෛද්‍ය රුක්ෂාන් බෙල්ලන 

(දයාසීලි ලියනගේ)   

එප්සිලෝන් යනුවෙන් හඳුන්වන දැඩි බලපෑම් ඇති කරන වයිරසය ශ්‍රී ලංකාවේ පැතිර ගිය හොත් සෑම විනාඩි දෙකකටම එක් අයෙක් මිය යන තත්ත්වයක් උදා විය හැකි බව රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංසදයේ සභාපති වෛද්‍ය රුක්ෂාන් බෙල්ලන මහතා අනතුරු අඟවයි.   

මෙම නව වයිරසයට ජනතාව තුළ පවත්නා ප්‍රතිශක්තිකරණය හා එන්නතෙන් ලබා දෙන ප්‍රතික්ශක්තිකරණය ප්‍රමාණවත් නොවන බවට ලැබී ඇති තොරතුරු වලින් වාර්තා වී ඇතැයි ද වෛද්‍ය බෙල්ලන මහතා ප්‍රකාශ කළේය.   


මෙම නව වයිරසය මෙතෙක් මෙරටින් වාර්තා වී නැතත් ඉදිරි කාලයේදී රට තුළ ව්‍යාප්ත වනු ඇතැයි යන මතයේ පිහිටා දැන් සිටම අවශ්‍ය තීන්දු තීරණ ගත යුතුව ඇති බවද වෛද්‍ය බෙල්ලන මහතා පෙන්වා දෙයි.   
ඩෙල්ටා ප්‍රභේදයෙන් විනාශ වූ ජීවිත සංඛ්‍යාව වඩා එප්සිලෝන් වයිරසයෙන් දහස් ගණනකගේ ජීවිත අහිමි වීමේ තර්ජනයකට මුහුණ දීමට සිදුවනු ඇතැයි ද ඔහු කීය.