(දයාසීලි ලියනගේ)
ඩොලරයට සාපේක්ෂව රුපියල අවප්‍රමාණය වීමත් සමග සියලු ඖෂධ මිල සියයට 30 කින් වැඩිවනු ඇති බවත් බරපතළ ඖෂධ හිඟයකට මුහුණ දීමට සිදුවන බවත් වාර්තා වේ.
මේ වනවිටත් රජයේ රෝහල්වල ඖෂධ වර්ග 40ත් 50ත් අතර ප්‍රමාණයක තොග අවසන් වී ඇති අතර මිල, අඩු අනුකරණ ඖෂධ රෝහල්වලට ලබා දෙමින් සිටින බව සෞඛ්‍ය වෘත්තීයවේදීන්ගේ විද්වත් සංගමයේ සභාපති රවි කුමුදේශ් මහතා කීය.
මිල අධික සුවිශේෂි ඖෂධ මේ වනවිටත් රෝහල්වලට ලැබී නැති අතර ඖෂධ ආනයනය කිරීමේ දී පවතින ගැටලු නිසා ඉදිරි මාස කීපය තුළ ඉතා බරපතළ ඖෂධ හිඟයකට මුහුණ පෑමට සිදුවන බවද රවි කුමුදේශ් මහතා ප්‍රකාශ කළේය.
මේ වනවිට ඩොලර්ය සියයට 30කින් ඉහළ යාම ඖෂධ මිල ඉහළයාමට මූලික වී තිබෙන බවද රවි කුමුදේශ් මහතා කීය.