විද්වතුන්ගෙන් වාර්තාවක්
(දයාසීලි ලියනගේ)
මධ්‍ය කඳුකරයේ පසුගිය දිනවල සිදු වූ සුළු භූමි කම්පනවලට හේතුව වික්ටෝරියා ජලාශය අවට සිදු කෙරෙන හුණුගල් කැණීම් බව විද්වතුන් පරිසර අමාත්‍යාංශයට පෙන්වා දී ඇත.
පරිසර ඇමැති මහින්ද අමරවීර මහතා ප්‍රකාශ කළේ වරින් වර සිදු වූ භූ කම්පන පිළිබඳ කරුණු හැදෑරීමට විශ්වවිද්‍යාල විද්වතුන්ගෙන් යුතු කමිටුවක් පත් කරනු ලැබූ අතර එම කමිටුව මෙම නිර්දේශ ඉදිරිපත් කර තිබෙන බවයි.
මෙම හුණුගල් කැණීම වික්ටෝරියා ජලාශයේ බැම්මට ද බරපතළ තර්ජනයක් බව එමගින් පෙන්වා දී ඇතැයි ද ඇමැතිවරයා කීය.
හුණු ගල් කැඩීමට බෝර පාවිච්චි කිරීමෙන් ඇතිවන කම්පනය මත මෙම භූ කම්පන ඇති වී තිබෙන බව පෙන්වා දී ඇතැයි ද ඇමැතිවරයා කීය. වික්ටෝරියා ජලාශය ආශ්‍රිතව මහා පරිමාණයෙන් සිදු කෙරෙන හුණුගල් කොරි ස්ථාන තුනක් වහාම වසා දැමීමට පියවර ගනු ලබන බව ද ඇමැතිවරයා වැඩිදුරටත් කීය.