කැබිනට්ටුවට අලු‍ත් මුහුණු කිහිපයක්


හිටපු ඇමැතිවරුන් සමඟත් ජනපති සාකච්ඡා කරයි

(අජන්ත කුමාර අගලකඩ) 

නව අමාත්‍ය මණ්ඩලය ජනාධිපතිවරයා විසින් ඉදිරි දින දෙක තුන ඇතුළත පත් කිරීමට නියමිත අතර හිටපු ඇමැතිවරුන් කිහිපදෙනකු වෙනුවට අලු‍ත් මුහුණු ගණනාවක් නව අමාත්‍ය මණ්ඩලයට ඇතුළත් ​ෙවනු ඇතැයි රජයේ ආරංචි මාර්ග සඳහන් කරයි.

හිටපු අමාත්‍යවරුන් ගණනාවක් සම්බන්ධයෙන් විරෝධයක් පවතින බැවින්, තරුණ මුහුණු කිහිපයක් නව කැබිනට් මණ්ඩලයට එක් කිරීමට ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා තීරණය කර ඇතැයි එම ආරංචි මාර්ගවලින් පැවසේ. 


නව අමාත්‍ය මණ්ඩලය පත් කිරීම සම්බන්ධයෙන් සාකච්ඡා කිරීමට ජනාධිපතිවරයා හිටපු අමාත්‍යවරුන් ඊයේ පස්වරුවේ ජනාධිපති මන්දිරයට කැඳවා තිබූ බව දැනගන්නට ඇත.