කැලණි ගඟට ස්ථාන 1334කින් අපද්‍රව්‍ය


(දයාසීලි ලියනගේ)  

කොළඹ හා ගම්පහ දිස්ත්‍රික්කවල ජනතාවට ජලය සපයන කැලණි ගඟට හංවැල්ල හා පෑලියගොඩ අතර ප්‍රදේශය තුළ ස්ථා 1334 කින් අපද්‍රව්‍ය එකතු වන බව අනාවරණය වී ඇත.  

මෙරට ගංගා අතරින් කැලණි ගඟ දූෂිතම ගංගාව බවද හෙළි වී ඇත. මේ තත්ත්වය වැළැක්වීම සඳහා හංවැල්ල සිට පෑලියගොඩ දක්වා ගඟ දෙපස සංරක්ෂණ කලාපයක් කිරීම සඳහා භූමිය සලකුණු කිරීමේ කටයුතු කඩිනමින් ආරම්භ කිරීමට පරිසර සංවර්ධන අධිකාරිය තීරණය කර ඇත.  


දැනට කැලණි ගඟ දෙපස භූමිය රක්ෂිතයක් ලෙසට නම්කර නැති අතර මැනුම් කටයුතු අවසන් කිරීමෙන් පසු රක්ෂිත කලාපයක් ලෙස නම් කරනු ලබන බවද එහි ප්‍රකාශකයෙක් කීය.