(මහින්ද නිශ්ශංක)
ආනයනික කිරිපිටි ඇනවුම් කිරීම අත්හිටුවා ඇති බව ආනයනික සමාගම් පවසයි.
ආනයන කිරිපිටි සඳහා ඉල්ලා සිටින මිල වැඩිවීම මෙතෙක් පාරිභෝගික අධිකාරියෙන් හෝ වෙළෙඳ අමාත්‍යංශයෙන් හෝ ලබා නොදීම නිසා සමාගම් ලබන අධික පාඩුව නතර කර ගැනීමේ අරමුණින් කිරිපිටි ඇනවුම් කිරීම අත්හිටුවීමට තීරණය කළ බව එම සමාගම් වැඩිදුරටත් පවසයි.
දැනට සමාගම් සතුව තිබෙන්නේ මෙම මාසයට ප්‍රමාණවත් කිරිපිටි තොග පමණක් බව ද සමාගම් ප්‍රකාශකයෙක් පැවසීය. මේ තත්ත්වය නිසා ලබන මාසය අවසානයේ දී වෙළෙඳ පොළේ ආනයනික කිරිපිටි හිඟයක් ඇති විය හැකි බව ද ඔහු කීය.
සමාගම සතුව තිබෙන කිරිපිටි තොග වෙළෙඳ පොළට නිකුත් කිරීම මේ වන විට සියයට 65කින් පමණ අඩු කර ඇති බවත් පසුගිය මාසයේ දී වෙළෙඳ පොළට නිකුත් කළ කිරිපිටි ප්‍රමාණය සියයට 50කින් පමණ අඩුකර තිබෙන බව ද සඳහන් වේ.