කෙටි කාලයකට රට වැසුවත් ආර්ථිකය සම්පූර්ණයෙන් කඩා වැටෙන්නේ නෑ


මහ බැංකුවේ හිටපු නියෝජ්‍ය අධිපති

ආචාර්ය ඩබ්ලිව්.ඒ. විජේවර්ධන

(උපුල් වික්‍රමසිංහ)   

පවතින කොවිඩ් 19 අධි අවදානම් තත්ත්වය හමුවේ කෙටි කාලයකට රට වසා දැමුවද එයින් රටේ ආර්ථිකය සම්පූර්ණයෙන්ම කඩා නොවැටෙන බවත් රුපියල් බිලියන 14000 ක පමණ වටිනාකමින් යුත් වාර්ෂික භාණ්ඩ සේවා නිෂ්පාදනය සියයට 10 ක් පමණ පහළ යෑමක් පමණක් සිදුවනු ඇති බවත් ශ්‍රී ලංකා මහ බැංකුවේ හිටපු නියෝජ්‍ය අධිපති ආචාර්ය ඩබ්ලිව්.ඒ. විජේවර්ධන මහතා ඉරිදා ලංකාදීපයට පැවසීය.   

ඒ අනුව මාස දෙකකට ආසන්න කාලයක් රට වසා දැමුවද සමස්ත භාණ්ඩ හා සේවා නිෂ්පාදනය රුපියල් බිලියන 1400 කින් පමණ පහළ යනු ඇති බවත් එමගින් ආර්ථිකය අස්ථාවර නොවන බවත් ඒ මහතා සඳහන් කළේය.   


මේ මොහොතේ වඩාත් වැදගත් වන්නේ ආර්ථිකය ස්ථාවරව පවත්වා ගෙන යෑමට වඩා මිනිස් ජීවිත ආරක්ෂා කර ගැනීම සඳහා අවශ්‍ය ක්‍රියාමාර්ග ගැනීම බවද හිටපු මහා බැංකු නියෝජ්‍ය අධිපතිවරයා අවධාරණය කළේය.