කෙරවලපිටිය දුන්නාට එරෙහිව විදුලිය සමිති වෘත්තීය ක්‍රියාමාර්ග ලබන සතියේ


(දයාසීලි ලියනගේ)  

කෙරවලපිටිය තාප බලාගාරයේ රජය සතු කොටස් අලෙවි කිරීමට ගන්නා ලද තීරණයට එරෙහිව ලබන සතියේ සිට වෘත්තීය ක්‍රියාමාර්ගවලට එළඹීමට විදුලිය ඉංජිනේරු සංගමය ඇතුළු විදුලියබල මණ්ඩලයට අද‌ාළ වෘත්තීය සමිති තීරණය කර ඇත.  

 අද‌ාළ ගිවිසුමට අනුව එල්.එන්.ජී. ගෑස් මිලදී ගැනීම සඳහා ටෙන්ඩර් කැඳවීමකින් තොරව වසර 5 ක කාලයකට රුපියල් බිලියන 600 කට අධික මුදලක් වැය කිරීම මගින් බරපතළ මුදල් හානියක් වන බව එම සංගමයේ සභාපති සෞම්‍ය කුමාරවඩු මහතා කීය.  


මේ වන විට මෙම ගිවිසුමට එරෙහිව පෙත්සම් තුනක් අධිකරණයට ඉදිරිපත් වී ඇතැයි ද ඔහු ප්‍රකාශ කළේය.  
ලබන සතියේදී පිකටිං ව්‍යාපාරයක් ආරම්භ කර එය අඛණ්ඩ වර්ජනයක් දක්වා ව්‍යාප්ත කිරීමට සැළසුම් කර ඇතැයි ද සභාපතිවරයා ප්‍රකාශ කළේය.  


විදුලියබල මණ්ඩලයේ සියලු වෘත්තීය සමිති මෙම විරෝධතාවන්ට එක්වන අතර අනෙකුත් වෘත්තීය සමිති ද ඉදිරි කාලයේදී මෙම විරෝධතාවන්ට එක්වන බව ද ඔහු කීය.