(අජන්ත කුමාර අගලකඩ)
දැනට හිඟව පවතින ඇස්ට්‍රාසෙනිකා කොවිෂීල්ඩ් එන්නත් ඇමෙරිකාවෙන්, බ්‍රිතාන්‍යයෙන් හෝ ඉන්දුනීසියාවෙන් ගෙන්වා ගැනීමට රජය එම රටවල් සමඟ සාකච්ඡා ආරම්භ කර ඇත.
කොවිෂීල්ඩ් එන්නතේ පළමු මාත්‍රාව ලබාගත් පිරිසට දෙවැනි මාත්‍රාව ලබාදීම සඳහා තවත් එන්නත් මාත්‍රා ලක්ෂ හයක් පමණ අවශ්‍ය බව සෞඛ්‍ය අංශ රජයට දැනුම් දී ඇත.
මෙම එන්නත් ලක්ෂ 6 ඉන්දියාවෙන් ගෙන්වා ගැනීම ගැටලුවක් වී ඇති බැවින් ඇමෙරිකාවේ, බ්‍රිතාන්‍යයේ හෝ ඉන්දුනීසියාවේ පවතින අතිරික්ත තොගවලින් කොටසක් මෙරටට ලබාගැනීම මෙම සාකච්ඡාවල අරමුණ වී ඇත.
ජනාධිපති ප්‍රධාන උපදේශක ලලිත් වීරතුංග මහතා එම අතිරික්ත එන්නත් තොග ලබාගැනීම සම්බන්ධයෙන් මූලිකත්වය ගෙන ඇත.