කොරෝනා රෝගීන්ගෙන්ම රෝහල් පිරී ගොස් නෑ


නියෝජ්‍ය සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් 

(උපුල් වික්‍රමසිංහ)   

රජයේ රෝහල්වල කොවිඩ් 19 ආසාදිත රෝගීන් සඳහා ප්‍රතිකාර කිරීමට වෙන් කරන ලද හුදකලා වාට්ටුවලට පැමිණෙන රෝග ලක්ෂණ සහිත රෝගීන්ගේ වර්ධනයක් දක්නට ඇති නමුත් කොවිඩ් 19 රෝගීන්ගෙන් සමස්ත රෝහල් ධාරිතාවම පිරී ඇති බවට පළ​ෙවන ප්‍රකාශවල සත්‍යතාවක් නැතැයි නියෝජ්‍ය සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් විශේෂඥ වෛද්‍ය හේමන්ත හේරත් මහතා ‘ඉරිදා ලංකාදීපයට’ පැවසීය.   

රජයේ රෝහල්වල ඇඳන් 80000 ක් ඇති බවකී ඒ මහතා ඒවායෙන් 33000 ක් පමණ කොවිඩ් 19 ආසාදිත රෝගීන්ට ප්‍රතිකාර කිරීම සඳහා වෙන්කර තිබෙන බවත් රෝග ලක්ෂණ සහිත රෝගීන්ගේ ඉහළ පැමිණීමක් වාර්තා වන නිසා එම ඇඳන් සහිත වාට්ටු ප්‍රමාණවත් නොවුණ හොත් ඉදිරියේ දී සෙසු වාට්ටුද කොවිඩ් 19 ප්‍රතිකාර වෙනුවෙන් වෙන්කිරීමට සිදුවනු ඇති බවත් ප්‍රකාශ කළේය.   


දැන් තිබෙන තත්ත්වය භයානක වුවත් එය කළමනාකරණයකර ගත හැකි බව පැවසූ විශේෂඥ වෛද්‍යවරයා ඉදිරියේ දී තත්ත්වය සෞඛ්‍ය අංශ පාලනයෙන් ගිලිහෙන්නේ ද නැද්ද යන්න ජනතාවගේ‍ හැසිරීම මත තීරණය වනු ඇති බවත් කීවේය.