වෛද්‍ය නිලධාරීන්ගෙන් චෝදනා
(දයාසීලි ලියනගේ)
කෝවිඩ් වසංගතය සීඝ්‍රයෙන් පැතිරීමේ වගකීම සෞඛ්‍ය අමාත්‍යංශය බාර ගත යුතු බවට රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය චෝදනා කරයි.
නිසි අවස්ථාවට නිසි ලෙස තීරණය නොගැනීම, නිශ්චිත කළමනාකරණයක් නොවීම, උපක්‍රමශීලීව ව්‍යාප්තිය වැළැක්වීමට පියවර නොගැනීම යන හේතු මත සෞඛ්‍ය අමාත්‍යාංශයේ ප්‍රධානීන්ට මෙම වගකීම පැවරෙන බව රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ සහකාර ලේකම් වෛද්‍ය නවින් ද සොයිසා මහතා කීය.
මීට අමතරව කෝවිඩ් මර්දනය සඳහා සෞඛ්‍ය අමාත්‍යාංශයට නිශ්චිත සැලැස්මක් නොමැති බව ද වෛද්‍ය සොයිසා මහතා ප්‍රකාශ කළේය.