(දයාසීලි ලියනගේ)
කොරෝනා වසංගතය නිසා දිනකට දළ වශයෙන් පුද්ගලයන් 50ත් 75ත් අතර සංඛ්‍යාවක් මිය යන බව වාර්තා වේ. ජූනි මාසය මුලදී දින 10කට පුද්ගලයන් 500ක් මිය ගොස් ඇති අතර ඊට පෙර දින 13කදී 500ක් මියගිය බව සෞඛ්‍ය අමාත්‍යාංශ වාර්තා සඳහන් කරයි.
මේ සම්බන්ධයෙන් කළ විමසීමේදී රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ සහකාර ලේකම් වෛද්‍ය නවීන් ද සොයිසා මහතා ප්‍රකාශ කළේ දිනකට මියයන රෝගීන් සංඛ්‍යාව පිළිබඳව පැහැදිලි දත්ත නොලැබෙන බවයි.
සෞඛ්‍ය අමාත්‍යාංශය මගින් තහවුරු කරනු ලබන මරණ සංඛ්‍යාව එක දිනයක ලැබෙන නිවැරදි දත්ත මත සකස් නොවන අතර ඊට පෙර දිනවල සිදුවන මරණ තහවුරු කරනු ලබන බව ද වෛද්‍ය සොයිසා මහතා ප්‍රකාශ කළේය.
දිනකට මියයන පුද්ගලයන් පිළිබඳව නිවැරදි දත්ත සකස් කිරීමට සෞඛ්‍ය අමාත්‍යාංශය මේ වන විටත් පියවර ගනිමින් සිටින බව ද ඔහු කීය.