විශේෂඥ වෛද්‍ය හේමන්ත හේරත්
(උපුල් වික්‍රමසිංහ)
කොවිඩ් 19 ප්‍රතිශක්තිකරණ එන්නත ළමයින්ට ලබා දීමේ හැකියාව පිළිබඳ නිරන්තරයෙන් තොරතුරු එක් රැස් කෙරෙමින් පවතින බවත් එම තොරතුරු විශේෂඥයන් විසින් විශ්ලේෂණය කරනු ලබන බවත් නියෝජ්‍ය සෞඛ්‍ය සේවා අධ්යක්ෂ ජනරාල් විශේෂඥ වෛද්‍ය හේමන්ත හේරත් මහතා ඉරිදා ලංකාදීපයට පැවසීය.
පිළිබඳ උපදේශන කමිටුව බව කී හේරත් මහතා මෙතෙක් දරුවන්ට කොවිඩ් 19 ප්‍රතිශක්තිකරණ එන්නත ලබා දීමට අනුමැතිය දී නැති බවත් වයස අවුරුදු 30න් පහළ වයස් කාණ්ඩවල තෝරාගත් පිරිස්වලට පමණක් එන්නත ලබා දෙන බවත් සඳහන් කළේය.
රිජ්වේ ආර්යා ළමා රෝහලේ ළමා රෝග පිළිබඳ විශේෂඥ වෛද්‍ය දීපාල් පෙරේරා මහතා පවසන්නේ පවතින කොවිඩ් 19 අවදානම් සහගත තත්ත්වය සලකමින් වයස අවුරුදු දොළහෙන් ඉහළ ළමයින්ට කොවිඩ් 19 ප්‍රතිශක්තිකරණ එන්නත ලබා දීමේ හැකියාව ගැන අවධානය යොමු කිරීම වැදගත් බවය.