කොළඹ ට්‍රැෆික් 855 ක් රථවාහන පාඨමාලා හදාරා නෑ


ඉන්දිකා රාමනායක

කොළඹ නගරය හා අවට පොලිස් කොට්ඨාස පහක රථවාහන රාජකාරි සඳහා අනුයුක්ත නිලධාරීන් 1050 ගෙන් 855 දෙනෙකු රථවාහන පාඨමාලාව හදාරා නොමැති බව විගණන වාර්තාවකින් අනාවරණය වේ.

රථවාහන පාඨමාලාව හදාරා නොමැති ප්‍රමාණය සියයට 81ක ප්‍රතිශතයක් බවද එම වාර්තාවේ සඳහන් වේ.  
කොළඹ නගරයේ සහ අවට මාර්ගයන්හි සිදුවන මාර්ග තදබදය අවම කිරීම සඳහා රාජ්‍ය ආයතන විසින් සිදුකරන කාර්ය භාරය ඇගයීමේ 2021 වසරේ විගණන වාර්තාව මේ බව සඳහන් කර ඇත.  


රථවාහන තදබදය කළමනාකරණය කිරීම සඳහා පුහුණු නිලධාරීන්ගේ දායකත්වය ලබා ගැනීම මගහැරී ගොස් ඇති බවද එම වාර්තාව මගින් පෙන්නුම්කර ඇත.