(දයාසීලි ලියනගේ සහ නිශාන්ත කුමාර බණ්ඩාර)
රුපියල් කෝටි 320 ක් වටිනා දුම්රිය එංජින් හතරක් වසර 3කට අධික කාලයක් තිස්සේ ධාවනයේ නොයොදවා දිරාපත් වෙමින් පවතින බව වාර්තා වේ.
මේ වන විට මෙම දුම්රිය එංජින්වල වගකීම් කාලය අවසන් වී ඇති බව දුම්රිය එංජින් රියදුරු සංගමයේ ලේකම් ඉන්දික දොඩම්ගොඩ මහතා සඳහන් කරයි.
චීනයෙන් මෙම එංජින් ගෙන්වා ඇත්තේ පාඨලී චම්පික රණවක මහතා බස්නාහිර පළාත් සංවර්ධන හා නාගරික සංවර්ධන ඇමැතිවරයා වශයෙන් සිටියදී බවද දොඩම්ගොඩ මහතා ප්‍රකාශ කළේය.
එම අමාත්‍යංශයේ මුදල් ප්‍රතිපාදන යටතේ ගෙන්වා ඇති මෙම එංජින් දුම්රිය දෙපාර්තමේන්තුවට බාර දී තිබූ බවද ඔහු කීය.
කොළඹ හා අවට ප්‍රදේශවල එකතු වන අපද්‍රව්‍ය අරුවක්කාලු ප්‍රදේශයට බැහැර කිරීම සඳහා දුම්රියෙන් ගෙන යාමට ගන්නා ලද තීරණට අනුව මෙම දුම්රිය එංජින් ආනයනය කර තිබුණු බවද සඳහන් වේ.