(දයාසීලි ලියනගේ)
රුපියල් බිලියන 128ක ණය බරක් ඇති ලංකා විදුලිබල මණ්ඩලය රුපියල් කෝටි 45ක වියදමින් මණ්ඩලයේ සියලු සේවකයින් වෛද්‍ය පරීක්ෂණවලට යොමු කිරීමට තීරණය කර ඇත.
මේ යටතේ වයස අවුරුදු 40ක් 50ත් අතර සිටින කාන්තාවන් පරීක්ෂණ 18කටද පිරිමි වෛද්‍ය පරීක්ෂණ 17කට යොමු කරන අතර එම පරීක්ෂණ සඳහා ගෙවීම් කිරීමට වෛද්‍යවරයකුගේ නිර්දේශය අත්‍යවශ්‍ය නොවන බවද සියලු අංශ ප්‍රධානීන් වෙත දන්වා තිබේ.
වයස අවුරුදු 50ත් 60ත් අතර සේවක සේවිකාවන් පරීක්ෂණ 14කට යොමු විය යුතු වේ.
මණ්ඩලයේ කාර්ය මණ්ඩලය 15,000ක් පමණ වන අතර මෙම වෛද්‍ය පරීක්ෂණ සඳහා එක් අයකුට රුපියල් 30,000 ක පමණ මුදලක් වැයවනු ඇතැයි ගණන් බලා තිබේ.