ගම්මන්පිලගේ සහායට ශ්‍රීලනිපයත් එයි


(අජන්ත කුමාර අගලකඩ)   

 බලශක්ති අමාත්‍ය උදය ගම්මන්පිල මහතාට එරෙහිව විපක්ෂය විසින් ගෙන එනු ලබන විශ්වාසභංග යෝජනාවට විරුද්ධව ඡන්දය දීමට ශ්‍රී ලංකා නිදහස් පක්ෂය තීරණය කර ඇතැයි වාර්තා වේ.   

ආණ්ඩුවේ හවුල්කාර පක්ෂයක නායකයකු වශයෙන් ද, කැබිනට් මණ්ඩලයේ සාමාජිකයකු වශයෙන් ද, කටයුතු කරන ගම්මන්පිල මහතා වෙනුවෙන් පක්ෂයක් වශයෙන් මේ මොහොතේ පෙනී සිටිය යුතුය යන්න ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ අදහස වී ඇතැයි දැනගන්නට ඇත.   


 ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මන්ත්‍රීවරුන් පිරිසක් ඉකුත් බ්‍රහස්පතින්දා හැන්දෑවේ හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා සමග පැවති සාකච්ඡාවේදී ද මේ සම්බන්ධයෙන් දීර්ඝ වශයෙන් සාකච්ඡා කර ඇත.