විදුලි ඉංජිනේරු සංගමය
දයාසීලි ලියනගේ
නොරොච්චෝල බලාගාරයට අවශ්‍ය ගල් අඟුරු, ටෙන්ඩර් මගින් මේ මොහොතේ ලබා ගන්නවාට වඩා මීට පෙර ඇණවුම් කරනු ලැබූ ගල් අඟුරු නැව්වලට මුදල් ගෙවීම ලාභදායි හා කඩිනම් පියවරක් බව විදුලි ඉංජිනේරු සංගමය පෙන්වා දෙයි.
ඩොලර් හිඟය නිසා මීට මාස කීපයකට පෙර ඇනවුම් කළ ගල් අඟුරු නැව් මෙරටට ගෙන්වීම අත්හිටුවනු ලැබීය. ඉදිරි කාලයට අවශ්‍ය ගල් අඟුරු ලබන 15 වැනි දින සිට ලැබිය යුතු අතර ඒ සඳහා මෙතෙක් අවශ්‍ය පියවර ගෙන නැති බව ද සඳහන් වේ.
ඉදිරි මාස 6ට ගල් අඟුරු ලබාගැනීමට ඇමෙරිකානු ඩොලර් මිලියන 326ක් වටිනා මෙ.ටොන් මිලියන 2.3ක ගල් අඟුරු අවශ්‍ය වන අතර, මේ ප්‍රමාණය ලබාගැනීමට දින 5කට වරක් ගල් අඟුරු නැවක් පැමිණිය යුතු බව ද ඔවුහු සඳහන් කරති.
මෙතෙක් ටෙන්ඩර් මගින් ගල් අඟුරු ලබාගැනීමට නිසි පියවරක් නොවීමෙන් සිදුවන පාඩුව හා කාලය මගහරවා ගැනීම සඳහා මීට පෙර ඇණවුම් කර මුදල් නොමැතිවීමෙන් ලබා නොගත් ගල් අඟුරු යළි ලබාගැනීම සුදුසු බව ද ඔවුන් පෙන්වාදී ඇත.