දයාසීලි ලියනගේ
ගල් අඟුරු මෙට්‍රික් ටොන් 2025ක් මිලදී ගැනීමේදී එයින් සියයට 50ක ප්‍රමාණයක් ටෙන්ඩර් කැඳවීමෙන් මිලදී ගෙන ඇති අතර ඉතිරි සියයට 50ක ප්‍රමාණය හදිසි මිලදී ගැනීම් මත සිදුකර ඇති බව අනාවරණය වී ඇත.
වර්ෂ 2021-2023 කාලයට ගල් අඟුරු ගැනීමේදී මෙය සිදුවී ඇති බව වාර්තාවේ.
නොරෝච්චෝල ලක්විජය ගල් අඟුරු බලාගාරය සඳහා 2022-2025 කාල පරිච්ඡේදයට අදාළව ගල් අඟුරු මිලදී ගැනීමේ ප්‍රසම්පාදන ක්‍රියාවලිය ඇගයීම සම්බන්ධයෙන් විශේෂ විගණන වාර්තාවේ මේ බව සඳහන් කර ඇත.
ගල් අඟුරු සැපයීම සඳහා ආයතන 4ක් ඉදිරිපත්වී තිබූ අතර ඉන් එකක් රුසියානු තානාපති කාර්යාලය මගින් විදේශ කටයුතු අමාත්‍යංශයට (2021 නොවැම්බර්) ඉදිරිපත් කර තිබූ අතර ඉතිරි ආයතන දෙකක් විදුලිබල හා බලශක්ති ඇමැතිවරයාටද ඉතිරි ආයතනය ලංකා ගල් අඟුරු සමාගමේ සභාපතිවරයාට (2022 ජුලි මස) යෝජනා ඉදිරිපත් කර තිබූ බව අනාවරණය වේ.
මෙම සමාගම් අතරින් රාජතාන්ත්‍රික මට්ටමින් ඉදිපත් කරන ලද යෝජනාව මිල ගණන් නොමැතිව කැමැත්ත දක්වන ප්රකාශයක්වීම නිසා එය නොසළකා හැර අනෙකුත් සමාගම් තුන පමණක් ඇගයීමට ලක් කර තිබූ බවද අනාවරණය වී ඇත.